සිසුන් පාසලට කැඳවයි..ගුරුවරුන් online උගන්වයි
අධ්‍යාපන අමාත්‍යංශයේ මාර්ග උපදෙස් වලට අනුව වතුකරයේ අන්තර්ජාල පහසුකම් සහ දුරකථන පහසුකම් නොමැති සිසු සිසුවියන්ට පාසලේ සුහුරු පන්ති කාමර තුල සිට එම පන්තිවලට සහභාගි විමට (05) දින සිට අවස්තාව ලබා දි ඇත.
හැටන් සහ නුවරඑලිය අධ්‍යාපන කාර්යාල යටතේ තොරාගත් පාසල් කිහිපයක් මධ්‍යස්ථානයක් ලෙස නම් කර එම මධ්‍යස්ථානයට අන්තර්ජාල පහසුකම් සහ දුරකථන පහසුකම් නොමැති එම පාසලේ අධ්‍යාපනය ලබන සහ එම පාසලේ අධ්‍යපනය නොලබන වෙනත් පාසල් වල සිසු සිසුවියන්ටද සුහුරු පන්ති කාමරය සිට එම පන්ති වෙත සහභාගි විමට අවස්තාව සලසා දි ඇත.
අන්තර්ජාල සහ දුරකථන පහසුකම් ඇති සිසු සිසුවියන්ට නිවසේ සිටම එම අධ්‍යාපන කටයුතු වලට සහභාගි විමට හැකියාව ඇත.
දිනපතා පෙ.ව 9 සිට පස්වරු 1 දක්වා පාසලේ සුහුරු පන්ති කාමරය තුල පන්ති සදහා සහභාගි විමට සිසු සිසුවියන්ට අවසර ලබා දි ඇත.