WADDAGALA SOUTH M.V.

වැද්දාගල දකුණ මහා විද්‍යාලය

වැද්දාගල

  • Register
  • Login
WADDAGALA SOUTH M.V.

වැද්දාගල දකුණ මහා විද්‍යාලය

වැද්දාගල

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය හා සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • පාසලේ අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම හා මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසලේ කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • නිල ඇඳුම
      • පාසලේ නිවාස
    • පාසලේ විනය නීති
    • School Map
  • අධ්‍යයන
    • විෂයමාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • කාර්ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායකයින්
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • පුවත් හා විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංවිධාන
  • ගැලරිය
  • අප හා සම්බන්ධවන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය හා සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය හා සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

ලෝක උරුමයක් වූ සිංහරාජ වනාන්තරයට සමීපව සුවහසක් සිසු ප්‍රජාවගේ නැණ පහන් දැලු වූ ර/වැද්දාගල දකුණ මහා විද්‍යාලයේ ඓතිහාසික තොරතුරු වලින් බිඳක් මෙසේ සනිටුහන් කරමි.

            මෙම විද්‍යාලය 1898 වර්ෂයේදී ආරම්භ වී ඇති බවට ලිඛිත සාක්ෂි කියාපායි. එහෙත් ජනවහරේ සඳහන් පරිදි මෙහි ආරම්භය සිදු වී ඇත්තේ ඊටත් ප්‍රථමය.

            එදා භික්ෂූන් වහන්සේ නමක් වැඩසිටි ආවාසයක් වූ මෙම පුණ්‍ය භූමියෙහි —වැද්දාගල පාඨශාලාව˜ නමින් මෙම විදුහල ඇරඹී ඇත. මෙම විද්‍යාලයේ මුල් ගුරුවරයා වූයේ පෙරේරා ගුරුන්නාන්සේය. එවකට ඔහු ලැබු වැටුප රු:20.00 කි. එය ගැනීම සඳහාද එදා රත්නපුරයට පයින් යා යුතු විය. මෙහි මුල් ශිෂ්‍යා වූයේ ඇස්.එම්. සරම්හාමි ශිෂ්‍යයාය.

වර්ෂ 1900 දී මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 40 ක් වූ අතර මිශ්‍ර පාසලක් වූයේ 1919 දීය. 1963 . 01 . 01 දින මහා විශාල තත්වයට උසස් කරන ලදී. මෙම විද්‍යාලයේ මුල්ම ගොඩනැගිල්ල ගොඩනගා ඇත්තේ 1935 වර්ෂයේදීය. 2001 වර්ෂයේදී ජයිකා පාසල් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තෙමහල් අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් පාසලට ලැබුණු අතර 2012 වර්ෂයේ ද්විතියික පාසල් 1000 ක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ද ඇතුළුව ගොඩනැගිලි 8 කින් සමන්විතය.

            එදා මෙදා තුර අධ්‍යාපනයේ නිම්වළලු මුළු මහත් ප්‍රජාවටම පුළුල් කළ මෙම විද්‍යාලය 1987 වර්ෂයේදී රත්නපුර දිස්ත්‍රික්කයේ අ.පො.ස (උ/පෙළ) ප්‍රථම ස්ථානය දිනාගන්නා ලද අතර එකල— පුංචි කැම්පස් ˜ යනුවෙන් හඳුන්වනු ලැබීය.

            පෙරේරා ගුරුන්නාන්සේගේ සිට මේ දක්වා විදුහල්පතිවරු 32 දෙනෙකු මෙම විද්‍යාලයේ සේවය කර ඇති අතර වත්මන් විදුහල්පතිතුමා වන්නේ එන්.වී.කේ.සී. ගුණවර්ධන මහතාය. මේ වන විට ගුරු මණ්ඩලය 28 දෙනෙකුගෙන් සමන්විත වන අතර මෙහි සිප් සතර හදාරණ සිසු කැළ 400 ක් පමණ වේ.

 

 

 

 
WADDAGALA SOUTH M.V. වැද්දාගල දකුණ මහා විද්‍යාලය වැද්දාගල

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ ඉසව්
  • ජයග්‍රහණ
  • සමාජ හා සංවිධාන
  • සිසු ඇතුළත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්ය සාධනය
  • විදුහල්පති පණිවිඩය
  • තොරතුරු තාක්ෂණ සමාජය

Contact us

  •  ලිපිනය  :  Weddagala South Maha Vidyalaya,Weddagala,Kudawa road,Weddagala.
  •  දුරකථන :  (+94) 455689976
  •  ෆැක්ස්    :  (+94) 455689976

Supported By

© 2026 WADDAGALA SOUTH M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk